Sunday, July 30, 2017

විචාර ඕන දෙවෙනි ඉනිමටද? නැතිනම්?

වැඩි කියවිලි ඕන නැත මේ කියන්නෙ ලංකාවෙ නාට්‍ය විචාරකයන් ගැනය.
        ඔවුන්ට බොළද ඉන්දියා නාට්‍ය අදාල නැත.
ඒවායින් ලංකාවෙ එකාගෙ නළුකම බල්ලට ගියාට පයිසෙකට වැඩක් නැත.
ප්‍රශ්නය ඇත්තේ දෙවන ඉනිමටය
ලෝක අපරාධයකි.මෙහෙම ලව් ලොවෙත් නැත.දැකල තියා අහලවත් නැත.
පාසල් ප්රේමයක් යනු අමූලික බොරුවක් විය යුතුය. එහෙම ඒවා ලංකාවෙ හරි දුලබය.නැති තරම්ය.ඒ ඔවුන්ගේ මතය ඇසුවාම මට හිතෙන දේය.මම වැරදි වන්නටත් හැක.
ඉතින් පාසල් යන ළමයි ලව් කරනවා පෙන්වුවාම ඇග කිතිකැවෙන්නේ ඒ නිසා විය යුතුය.
අඹ යහළුවොන්ට දෙවනි ඉනිම සන්සන්දය කරන සමහර විචාරක මහත්වරු
ප්‍රාථමික ශේරේණිය සහ උසස්පෙළ වෙන වෙනම හදුනාගත යුතුය. ප්‍රාථමිකයේ කරන වැඩ කරන උසස් පෙළ ලමයි ඉන්නේ විශේෂ පාසල් වලය. නාට්‍යයේ තේමාව එහෙම එකක් නොවන බව තේරුම්ගත යුතුය.
ගොළු හදවත ලිව්වේත් සම්මාන ලැබුවේත් ලංකාවේය.ඒවාට අගහරු ටෝක්ස් නැත.

ඔවුන් පවසන කතාවෙ ඇත්තකුත් නැත්තේමත් නැත. දෙවන ඉනිමෙන් අපට ගන්නට දෙයක් නැත.නැත කියනවට වඩා අඩුය කීම වඩා සුදුසුය.
ඒ කෙසේ වෙතත් අඩුතරමින් ඒ නාටකයේ රගපාන්නේ ලංකාවෙ මිනිස්සුය.ගොඩයන්නේ අපේ උන්ය.
ඔය විචාරකයන්ට නොපෙනෙන
ලංකාවෙ අනික් නාට්‍ය ඔයිට අන්තය.

මේ කියන්නේ විදේශීය නාට්‍ය වසංගත ගැනය.ඉන්දියාවෙන් කොරියාවෙන් ගෙන්නන මල්මල් කතා ගැනය.
ඉවරයක් නැති හෑලිය. කෑම එකේ ලුණු නැතිවම දික්කාසද කරන බොළද ලෝකයකි.
විවාහක සැමියා බිරිදගේ අතින්වත් අල්ලන්නේ නැත. ඒ දෙදෙනා දික්කසාද වූ පසු ලිංගිකව එක්වෙන අයුරු වීරත්වයෙන් පෙන්වන්නේය.
ගැහැනුන් දෙදෙනෙක් සමග මාරුවෙන් මාරුවට විවාහ වෙන සැමියා  වීරයෙක් කොට පෙන්වන්න්නේය.
ඒ කලාව වෛරයෙන් මිනීමරන,සල්ලි වලට පවුලේ සාමාජිකයින් මරන අයුරු පෙන්වන අමුතු කලාවක්ය.
ඒ නාට්‍ය කලාවට  අනුව සමහරු විවාහ වන්නේ අනිකාගෙන් පළිගැනීමටය.විවාහ ජීවිතය ගත කරන ගමන්ම පළිගන්නේය.

අපේ රටේ  අම්මලාද සමග මේ විගඩම් කට ඇරන් බලන පොඩි එකාගෙ ඔළුවට යන්නේ ඔය ආටක නාටකය.
පොඩි එකා සැමදා පොඩි එකා වනවානම් හොදය. නමුත් ඒකා ලොකු වෙනවාය.කවදාහෝ කසාදයක් බදිනවාය.
අන්න එතනදි පොඩ් කාලෙ හිතට කාවැදුනු ඉන්දියාවෙ බොළද විගඩම් අදහස් යතාර්ථ ජීව්තයට බාධා කළ හැකිය.
වත්මන් සමහරු පොඩි වැරැද්දටත් දික්කසාදය වීරකමක් කරගන්නේය,පළිගැනීම වෛරය ජීවිතයේ සාර්ථක බවේ මිම්මක් කරගන්නේය. ඕවාට නාට්‍ය බලනොපානවායැයි කියන්නට නොහැකිය. යටිසිත මාරය.ඒකට කුණු නොදැමිය යුත්තේ ඒකය.
මෙච්චර කියෙව්වේ දෙවන ඉනිම උඩ තියන්නට නොව. එය තේරූම් ගන්නේනම් අගනේය.
ඇත්තෙන්ම දෙවන ඉනිම නියම නැත.හැබැයි ඒකෙ තියන එව්වා ලංකාවෙ ඉස්සරත් තිබුනේය.අදත්  තියෙන අතර හෙටත් තියෙන්නේය.
පාසල් ලව් ගැන පාසල් ගිය එව්න්නම් දැනසිටියයුතුය.
හැබැයි ඉන්දියන් කතාවල පෙන්වන බොළද ලෝකය තවම සිරිලංකාවෙ වැඩිය නැත.දැනටමත් එහෙන් මෙහෙන් ඇත.වැඩිය නැත.
දෙවන ඉනිමට කතා කරන කටවල් වලින් ඉන්දියාවෙ අටමගල නවත්තන්නට බලපැම් කරන්නැයි කියන්නේ ඒකය
ඇති දේ පෙන්වනවට වඩා නැති දේ පෙන්වන එක භයානකය.ඇති දේ තවත් ඇති වන්නට දෙයක් නැත. නැති දේ ඇතිවීම වැළක්වූ පසු ඇති දේ ඊලගට නැවැත්වීමය සිතිය හැක.
අැති දේ කිව්වේ ලංකාවේ පාසල් කාලයේ ලව්ය.කොල්ලොන්ගේ පොඩිපොඩි අඩදබරය.
නැති දේ කිව්වෙ ඇදුම මාරු කරනවා වගේ සැමියන් බිරිදන් මාරු කිරිමය.
පොඩි දේටත් දික්කසාදය,  වෛරය පළිගැනීමය.සල්ලි වලට පවුල් විනාශ කිරීමය.
ඇති නැති කම ප්‍රකාශ කලේ බහුතරය ගැන සලකාය. හැමෝම ලව් කරන්නේත් නැති අතර අද සිරිලංකාවේ නැති යැයි කියූ සමහර දේවල් සාපේක්ෂව අඩු නමුත් නැත්තේම නැත.
එය වැඩිවීම නැවැත්විය යුතුය.

හින්දි කොරියා බොළද කතා ගැන සමාජ විරෝධයක් ඇති කිරීමට විචාරකයන්ට හැකිවිය යුතුය.
-රවියා

හපුතලේ කන්ද පතුලෙන්


හපුතල් කන්ද මත එළියක් දිස්වෙනවා....
දුම්රිය මැදිරියත් අපහට ඔරවනවා.....
සැගවූ කදුළු කුසගින්නට දළුලනව‍ා....
දුම්රිය හඩට අප නිදිමත නැතිවෙනවා....

සුන්දර කදුකරේ සුවලන මිනිසුන්ගේ...
සුන්දරකමට යට කදුලැල් පොරකන්නේ...
කදුලම මිසක සිනහව නෑ හදුනන්නේ...
මීදුම යටද ලේ ඇති මිනිසුනි ඉන්නේ...

මීදුම පුරා පැතිරී ගිය දුක් කදුළු.....
නොපෙනෙයි සුදට මීදුම පමණක් පෙනෙලු.
මීදුම යටින් ඉකිබිදි සුසුමන් අපගේ...
මීකිරි බදුනෙ පණුවන් ලෙස සැගව ගියේ...

තේදළු නෙලන්නට දවසම වෙහෙසනවා...
රෑවුන ගෙදර ලන්තෑරුම දැල්වෙනවා...
තේ ඩිංගිත්ත පිටිගුලියට සෑහෙනවා....
කළුවර සදට දුක්ගැනවිලි පවසනවා...



Thursday, November 17, 2016

මාලිංග කියන තරම්ම කුහකද?

ලසිත් මාලිංග කියන තරම්ම කුහකද?
                ගාල්ලෙනුත් කිලෝමීටර් 12ක් පමණ ඈතින් පිහිටි රත්ගම නම් ගමේ උපන් ලසිත් මාලිංග කුඩාකල පොල්වතුවල වැලිතලාවල යහළුවන් සමග ටෙනිස් බෙ‍ා්ලෙන් ක්‍රිකට් සෙල්ලම් කිරීමට දැඩි කැමැත්තක් දැක්වීය.ශිෂ්‍යත්වය සමත් වී අළුත් පාසලකට ගොස් ලෙදර් බෝල් ක්‍රිකට් අැරඹූ මේ තරුණයා.
මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණු කරු වන චම්පික රාමනායකගේ උපදෙස් හා උපකාර යටතේ කෙමෙන් කෙමෙන් තම දක්ෂතා වර්ධනය කරගත් අතර 2004දි ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අවතීර්ණ වීමට දොරගුළු විවර විය.
මොහු පිතිකරුවන්ගේ කකුලේ ඇගිලි සමග පාරම්පරික වෛරයක් ඇත්තෙක් සේ පෙනුනේ ස්ලිංගි ඇක්ෂන් නමින් හැදින්වෙන ඔහුටම ආවේණික ඉරියව්වකින් යවන පන්දුවලින් වැඩිහරියක්ම හීයකටත් වඩා වේගයෙන් පිතිකරුවන්ගේ පාදය සිපගන්නා නිසාය.
තමන්ටම ආවේණික කොණ්ඩ මෝස්තරයක් සමග කරළියට එන ලසිත් මාලිංගට එවකට ක්‍රිකට් සභාපතිව සිටි මහත්මයෙකු කොන්ඩය කපන්නට කියන්නේ විනය හැදීමට කියාය.නමුත් මේ හිතුවක්කාරයා ඊට කැමති වන්නේ නැත.පරිපාලකයන් හා මොහු අතර මුලින්ම මතභේදයක් හටගන්නේ එතනිනි.
මාලිංග ගැන ලෝකයාගේ ඇස් විවර වූයේ 2007 එක්දින ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාව සමග කණ්ඩායම් වටයේ තරගයකදී පිට පිට පන්දු 04කදී කඩුලු 04ක් ලබාගෙන ශ්‍රී ලංකාවෙ ජයග්‍රහණය පෙනෙනෙ නොපෙනෙන මානයට රැගෙන ආපසුවය.
එදා පටන් ලොව පුරා පිතිකරුවන් රැසකගේ බිහිකරු සිහිනය බවට පත් වූ රත්ගම ලසිත් මාලිංග 2011 වසරේ එක්දින ලෝක කුසලාන අනුශූරතාවය දිනාගැනීමට දැවැන්ත මෙහෙයක් කිරීමත් 2014 20/20 ලෝක කුසලානය දිනාගැනිට නායකත්වය දීමත් ඇතුළුව ගනන්කළ නොහැකි ජයග්‍රහණ සංකයාවක් ශ්‍රී ලංකාවට දිනා දීමට උර දුන් අයුරු කිව යුතු නැත.
මේ අතර එදා MCG Miracle නමින් හැදින්වෙන ප්‍රසිද්ධ ජයග්‍රහණයද ප්‍රධාන තැනක් ගන්නේ පන්දුවෙන් නොව පිත්තෙන්ද ඔහු රටට අවශ්‍ය ඕනම දෙයක් කිරීමට සූදානම් බව ඔහු එදා ලොවටම පෙන්වූ නිසාය.

2008 වසරේ ප්‍රභල පාදයේ ආභාදයකට ලක්වන මොහු අන්ත අසරණ විය.එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කර තිබූ අතුරු කමිටුව  මොහුගේ ආබාධය ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත.ක්‍රීඩක කොන්ත්‍රාත්ද නොමැතිව අන්ත අසරණව සිටි මොහුට මොහු ප්‍රථිකාර ලබාගත් ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයා පැවසුවේ මෙය ඉතා දරුණු බවත් ඔහු සදිකාලිකවම ක්‍රිකට් නැවැත්විය යුතු බවත්ය. .පසුව එවකට ශ්‍රී ලංකා ජනාදිපති මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් එතුමාගේ පෞද්ගලික ‍ වෛද්‍යවරයා වන වෛද්‍ය එලියන්ත මහතාට මාලිංගව යොමු කළ අතර එම වෛද්‍යවරයා ඔහුගේ ආබාධය සුව කරනු ලැබීය.
මේ කාලයේ ලසිත් මාලිංගට මුදල් ගෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතික්ෂේප කළ අතර වාසනාවකට ඒ වන විට ලසිත් මාලිංග IPL කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුමකට එළඹ සිටියේය.
පසුව ඔහු පූර්ණ සුවය ලැබූ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් 2009 වසරේ කඩුලු 19ක් දවාගත් පසු එතෙක් කල් මාලිංග කෙරෙහි අන්ධව සිටි ක්‍රිකට් පරිපාලක මහත්හොරුන්ගේ අවධානය මොහු කෙරේ යොමු විය. ඔහුගෙත් වඩා ලංකාවේ වාසනාවට නැවතත් ක්‍රිකට් දිවිය අරඹා ටික කාලයකින්ම තම සුපුරුදු රිද්මයට පැමිණීමට මාලිංගට හැකි විය.

2011 වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගත් මොහු ඒවන විට ක්‍රියාත්මක වූ IPL වලට යෑමට සල්ලි පෙරේත කමට ටෙස්ට් වලින් අයින් වුනා යැයි කුහක අදහසක් සමාජගත කරන්නට එවකට පරිපාලකයන් කටයුතු කරනු ලැබීය.
ඔහුට 2008 කාලයේ හටගත් ඉහතකියූ ආභාදයෙන් පසු නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගියහොත් තම ආභාදය සුව වීමට වැඩි කලක් ගතවනු ඇති බවත් එාස් වුවහොත්  එක්දින 20-20 ක්‍රීඩා කිරීමටද නොහැකිවනු නිසා මේ තීරණය ගත් බව මාලිංග මාද්‍යයට පැවසීය.
ඔහුගේ ආභාද තත්වයේදී ලක්මවගේ ක්‍රිකට් පරිපාලකයන් කටයුතු ආකාරය දෙස බලන විට තම ක්‍රිකට් දිවිය ගැන අවදානමක් ගැනීමට මාලිංග බිය වීම සාමාන්‍යය තතවයකි. තවද තම ආබාධය හේතුවෙන් අත්‍යවශ්‍ය ටෙස්ට් තරග පමණක් ක්‍රීඩා කිරීමට ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලුවත් ලාංකීය ක්‍රිකට් පරිපාලකයන් එයට එකගවූයේද නැත.

ටෙස්ට් නොගහ IPL ගැහුවෙ මොකද කියල අහන සමහර අයට කියන්න තියෙන්නෙ කරුණාකර ටෙස්ට් සහ T20 යන ක්‍රිකට් රටාවන් දෙක අධ්‍යයනය කර පැමිණෙන ලෙසය.

සමහර වීරයන් මහත්මයෙක් බව පෙන්වීමට අසාධාරණයේදී නිහඩ වෙද් දී මොහුගේ හිතුවක්කාර කට ඒවාට විරුද්ධව කතා කළේය.
එය අපේ මව්බිමේ පුහු සංස්කෘතික මතදාරීන්ට ඇල්ලුවේ නැත.
විටෙක යම් ප්‍රශ්නකදී දිගින් දිගටම මාද්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරිම් වලට ලක් වෙද්දී
"ඇයි මීට කලින් මාව දැකල නැද්ද,වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" යනුවෙන් මාද්‍යවේදියෙකුට කළ ප්‍රකාශය මොහුව තවදුරටත් සංස්කෘතික මතදාරීන්ට එපාකරවීමට හේතුව විය
උබ බං වත් නොකියන ඔවුන්ට මේවා ඇල්ලුවේ නැත.
තමන්ගේ හැකියාවෙන් මුදල් සෙවූ මාලිංග සල්ලි පෙරේතයෙක් වන විට ,
AC පුටු වලට වී රටේ ජනතාවගේම මුදල් යහමින් සොරාකන,කරන්නට තියන සියළුම සදාචාර විරෝධී වැඩ කරන දේශපාලකයන් සහ නිළදාරීන් ට විරුද්ධ වෙනවා වෙනුවට මොවුන් කළේ ගුණ ගයමින් ඔවුන් වෙනුවෙන් එකිනෙකා සමග සටන් කිරීමය.

මාලිංගට මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ගෙන් දිගින් දිගටම කුඩම්මගෙ සැලකිලි විදින්නට සිදු වූවා පමණක් නොව
මාලිංගව අැල්ලුවේ නැති සද්ගුණනවත් පුහු  සංස්කෘතික මතදාරී මිනිස්සුන්ගේ අඩිපාරේ ගිය බහුතර ශ්‍රී ලාංකිකයින්,
ලක්වාසීන්ට ඕනම දෙයක් මතක සති දෙකයි යනුවෙන් පැවසෙන කියමන නැවත වරක් යතාර්ථයක් කරමින් මාලිංගගේ දාඩිය මහන්සියෙන් ලක්මවට ලබාදුන් ජයග්‍රහණ අමතක කර ඔහු නිසා හුරේදැමූ  කටින්ම එතැන්පටන්   සල්ලි පෙරේතයෙක් ,කුහකයෙක් ,Ipl මාලිංග  වැනි නොයෙකුත් නම් වලින් ආමන්ත්‍රණය කර කරන අපහාසද ඔහුට විදදරා ගැනීමට සිදුව්ය.
නමුත් මාලිංග තම යුතුකම ලක්මවට ඉටු කිරීම නැවත්තුවේද නැත
2008 මෙන්ම දරුණු අාබාධයක් 2015දී හටගන්නා තෙක් ඔහු ඔහුගේ කාර්‍යය රටට ඉටු කළේය.

මාලිංගගේ ක්‍රිකට් දිවියේ ඉරණම තවම පැහැදිලි නැත.මේවන විට අවුරුදු 33ක් වයසැති මොහු තවත් වැඩි කලක් ක්‍රීඩා නොකරනු ඇත.

බොහෝ දෙනෙකුට මාලිංග
මේවන විට හතුරෙක් වන
නමුත් අැත්ත තේරුම් ගත්,මාලිංග රටට කළ දේ අමතක නැති තවත් සුළුපිරිසක් හෝ අැතිබව දනිමි.
මම ඇතුළු අපි සැමගේ බලාපොරොත්තුව ඔහු  ඉක්මනින් නැවත ක්‍රිකට් ක්‍රීඩා කරනු දැකීමයි
ඔබට තෙරුවන් සරණයි මාලියො

Tuesday, November 15, 2016

දකුණු අප්‍රිකානු තරගාවලිය පරාජය වී අවසන්ද?


ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්
සමහරක් ඕවර් නෙගටිව්ය. සෑම දෙයක් තුළින්ම සෟණාත්මක දේ පමණක් දැකීමට ඔවුන්ට විශේෂ හැකියාව ඇත.මොවුන්ගේ ක්‍රමය පිළිබද හොදම උදාහරණක් ඇත.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලංකාවට එන්න කලින් ඔවුන් කිව්වේ ශ්‍රී ලංකාවට ගැසීමට 05 දෙනෙක් ඇති බවයි.Fb එක පුරා Post පිට Post දමා ඕස්ට්‍රේලියාව ලංකාව අන්තපරාජයකට ලක්කරනු ඇති බව පැවසුවා ඔබට මතක ඇති.
නමුත් සිදුවූයේ පරස්පරයයි.ශ්‍රී ලංකාව ‍ෛඑතිහාසික ජයග්‍රහණයක් ලැබුවේ ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් වයිට්වොෂ් කිරීමෙනුයි.

දැන් මේ පිරිස නැවතත් කරලියලට පැමිණ ඇත.දකුණු අප්‍රිකානු සංචාරය තුළ චන්දිමාල්ගෙ ඩක් ගානයි,මැතිවුස්ගෙ ගෝල්ඩන් ඩක්ගානයි ගැන වාද කරන මොවුන් අපේ ක්‍රීඩකයන් අන්ත අසරණව අඩු ලකුණු වලට දැවීයන බවත්,පුළුවන්නම් දකුණු අප්‍රිකානු සංචාරය අවලංගු කරගත යුතු බවත් පවසන අතර මොවුන්ගේ අදහස් දැක්වීම් අනුවනම් දකුණු අප්‍රිකාව යනු ක්‍රිකට් පටන් ගත් දා සිට මෙතෙක් කල් අපරාජිත කණ්ඩායමක් විය යුතුය.
තවද ශ්‍රී ලංකා ක්‍ණ්ඩායම ගැන ඔවු්න් දරන ආකල්පය බංගලාදේශය වැනි රටක් දැරුවානම් ඔවුන්ට මේවන විට ටෙස්ට් තත්වයද නැතිවී ගොඩක් කල්ය.

අනිවාර්යයෙන්ම දකුණු  අප්‍රිකානු තරගාවලිය අමාරු වන බව ඕනෑම කෙනෙක් දන්නා දෙයකි.නමුත් දකුණු අප්‍රිකාව සමග.තරගාවලිය ජයග්‍රහණයට කළ හැකි උපරිම දේ ගැන කතා කරනවා වෙනුවට තරගාවලිය පරාද වී අවසන්ව ඇති ආකරයට උපකල්පනය කරමින් අදහස් දක්වන‍්නේ සමහරවිට ඔවුන් කාලය හරහා ගමන් කරන්නට හැකි අය නිසා විය හැකිය.
තරගාවලියකට යන්නට පෙරම පරාජය තීරණය වන්නේ නම් දින ගානක් මහන්සියෙන්,අතපයද තුවාල කරගෙන තරගාවලිය සෙල්ලම් කරන්නේ කුමකටද?
සමාජජාල ක්‍රිකට් ලෝලීන්ගෙන් තරගාවලිවයේ ජය පරාජය නිශ්චිතව දැනගෙන ජයගන්න‍ා තරගාවලි පමණක් සැලසුම් කරේ නම් මහන්සිය පමණක් නොව මුදල්ද ඉතිරි කර ගත හැකිය.

1996 ලෝක කුසලාය පටන් ගැන්මට පෙර FB තිබුනේ නම් එහි යන්නට අවුරුදු ගානකට පෙරම සත්ගුණවත් සමාජජාල අනාවැකිකරුවන් තරගාවලිය නියත වශයෙන්ම පරාජය වන බව නොපවසනු ඇතැයි සිතිය හැකිද?
ක්‍රිකට් ලොව තුළ බලාපොරොත්තු නොවූ දේවල් කොතෙකුත් සිදුවීඇත.තරගයන්ගෙන් 3/4ක් යනතෙක් ඉතාමත් ප්‍රභලව සිට ලෝක  කුසලාන අවසන්  තරග පැරදුනෙත්,MCG මිරැකල් සිදු වූවෙත්,ශ්‍රී ලංකාව ඉහත කියූපරිදි Wc දිනුවේත්,කෙන්යාව ශ්‍රී ලංකාව පරාජය කරෙත්, ක්‍රිකට් වල අවිනිශ්චිත බව ලොවට පසක් කරමිනි.එවැනි අවස්ථා වලට උදාහරණ කොතෙකුත් ඇත.ක්‍රිකට් වල සුන්දරයත්වයට හේතුවද මෙම අවිනිශ්චිත බවයි.

දකුණු අප්‍රිකාව යනු මේ වන විට ටෙස්ට් ශේණිගත කිරීම් වල ඉහළම සිටින,ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව තුළදීම දැවැන්ත පරාජයකට ලක්කර පැමිණෙන පරාජය කිරීමට ඉතාම අසිරු කණ්ඩායමකි.අපිට තියන සම්පත් වලින් උපරිමය ගතහොත් පමණක් ඔවුන්ට තරගයක් දිය හැකිය.එය දුෂ්කර තරගාවලියක් වනු ඇති බව ඕනෑම අයෙක් දන්න යතාර්ථය වන
නමුත් එය දිගින් දිගටම කියමින් දිගින් දිගටම සෘණාත්මක අදහස් පැවසීම තුළ කණ්ඩායමේ මානසිකත්වය යම් තරමකින් හෝ අඩුවෙනවා ඇරෙන්න බිදක්වක්  වැඩිවෙන්නේ නැත. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් සමාජජාල භාවිතා කරන නිසායි.

දකුණු අප්‍රිකාව වගේ රටකට යන විට කණ්ඩායමේ මානසිකත්වය පල්ලෙහාට දැමීම හිටපු විදෙස් ක්‍රීඩකයන්ගෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුතුය.
අවසන් වරට ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ සංචාරය කරන විට කෙප්ලර් වේල්සස් නමි දකුණු අප්‍රිකානු හිටපු නායකයා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග.තරග කිරීමටනම් දකුණු අප්‍රිකානු A කණ්ඩායම හොදටම ප්‍රමාණවත් බවය" නමුත් ඒ තගාවලියේදී දිල්ෂාන් ප්‍රමුක ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ප්‍රථම වරට දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ඔවුන්ගේ රටේදීම පරදා  විශිෂ්ඨ  ටෙස්ට් ජයග්‍රහණයක් ලැබීය.
තවද එංගලන්ත සංචාරයේදී මයිකල් වෝෆන් නම් හිටපු ක්‍රීඩකයා පැවසුවේ ශ්‍රී ලංකාව සමග තරග වැදීම A කාණ්ඩයේ Futboll කණ්ඩායමක් ප්‍රීමියර් කණ්ඩායමක් සමග තරග වදිනවා මෙන් බවත් තරගාවලිතුළ තරගාකාරිත්වයක් පවත්වා ගැනීමටනම් ශ්‍රී ලංකාවට ගැලපෙන කණ්ඩායම් සමග පමණක් තරග දීමට ICCය කටයුතු කළ යුතුබවයි.

මෙවරද එවැනි විදෙස් ක්‍රීඩකයන් අපෙ ක්‍රීඩකයන්ගේ මානසිත මට්ටම පහළ දමන කටයුත්තට අනිවාර්යයෙන්ම  උර දෙනු ඇත.
එය අපට වැළක්වියනොහැක.අනික ඔවුන් කුමක් කිව්වත් කමක්නැත.ඔවුන් පිටස්තරයන්ය.නමුත් දුකට කරුණ නම් ඔවුන් එලෙස ශ්‍රී ලංකාව මානසිකව පල්ලෙහාට දමන්නට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ම ශ්‍රී ලංකාව පරාජය කර අවසන් වීමය.
මා පවසන්නේ අතිශෝක්තියෙන් කරුණු දක්වා ශ්‍රී ලංකාව දිනන බවම පැවසිය යුතු බව හෝ මෙය ඉතාම පහසු තරගාවලියක් යැයි සිතා ස්වයංවින්දනයක් ලැබිය යුතු බව හෝ නොවේ තරගාවලිය ජයගැනීමට කළ හැකි දේ ගැන කතා කරනවා ඇරෙන්නට පරදිනවා පරදිනවා යනුවෙන් සෘණාත්මක අදහස් පවසමින් කණ්ඩායම් මානසිකත්වය පහළ වැටෙන Post ,Comment නොදමනවානම් වැදගත්ය.
 -නෙහන් රවිසර

SLPL නැති අපිට BPL වාසනාවන්


SLPL නැති එකේ වෙන රටක තරගාවලියක්වත්  බලමු නේද😋
අපිට වඩා දුර්වල කණ්ඩායමක් උනත් බංගලාදේශෙත් තියනවා T20 තරගාවලියක්.මේ පාර අපේ ක්‍රීඩකයො 13ක් කණ්ඩායම් වලට තේරිලා
04 වෙනි වතාවට පවත්වන මෙවර තරගාවලියට කණ්ඩායම් 07ක් BPL කුසලානය වෙනුවෙන් තරග වදිනවා.මෙවර තරගාවලියට අළුතෙන්ම එකතු වන කණ්ඩායම් 2 වන්නේ Khulna Titans සහ  Rajshahi Kings යන කණ්ඩායම්.
කෙසේ වෙතත් අපේ ක්‍රීඩකයන් රැසක් සිටීමටත් වඩා වැදගත්ම දේ වෙන්නෙ.සංගක්කාර සහ මහේල එකට ක්‍රීඩා කරනවා බලන්න අපිට තව චාන්ස් එකක් හම්බෙන හින්ද මොකද මේ පාර කණ්ඩායම් වලට ක්‍රීඩකයන් තේරීමේදී Dhaka dynamites කණ්ඩායම විසින් සංගක්කාර සහ මහේල යන දෙපළම තම කණ්ඩායමට එකතු  කර ගැනීමට සමත් වෙලා.
ඒඒ කණ්ඩායම් සහ නායකයොයි.ඒවාට ක්‍රීඩා කරන අපේ  ක්‍රීඩකයො ටිකයි ඊට අමතරව මෙම කණ්ඩායම සමග එක්වන විදේශීය ක්‍රීඩකයන් ටිකයි පිළිවෙලින් දාන්නම්.

Chittagong Vikings :- (Tamim Iqbal )
  💖චතුරංගද සිල්වා ජීවන් මෙන්ඩිස්
👉Chris Gayle (WI),
👉Shoaib Malik (PAK),
👉Dwayne Smith (WI),
👉Grant Elliot (NZ),
👉Mohammad Nabi (AFG),
👉mran Khan Jr (PAK),
👉Tymal Mills,

Barishal Bulls : (Mushfiqur Rahim )
      💗ඩිල්ෂාන් මුණවීර
👉Carlos Brathwaite (WI), 👉Mohammad Nawaz (PAK)
👉Josh Cobb
👉Carlon Brathwaite

Dhaka Dynamites: (Shakib Al Hasan )
      . 💖කුමාර් සංගක්කාර ,මහේල ජයවර්ධන , සීක්කුගේ ප්‍රසන්න
👉Andre Russell(WI)
👉Dwayne Bravo(WI)
👉Ravi Bopara(Eng)
👉Evin Lewis
👉 Wayne Parnell (RSA)
👉 Usama Mir (PAK)

Comilla Victorians : (Mashrafe Bin Mortaza )
     💖නුවන් කුලසේකර,තිසර පෙරේරා
👉 Imrul Kayes(pak)
👉Sohel Tanvir(Pak)
👉Ashar Zaidi
👉Emad Wasim(pak)
👉Khalid Latif
👉Jeson Holder(WI)

Khulna Titans : (Mahmudullah Riyad)
     ශ්අලාංකිකයින් නැත

👉Nicholas Pooran (WI U-19), 👉Kevon Cooper (WI)
👉Riki Wessels (ENG)
👉Mohammad Asgar (PAK)
👉Lendl Simmons (WI)
👉Benny Howell (ENG)
👉Ben Laughlin (AUS),
👉Andre Fletcher (WI)
👉Junaid Khan (PAK)

Rangpur Raiders:- (Soumya Sarkar )
      💖සචිත්ර සේනානායක,දසුන් ශානක,ගිහාන් රූපසිංහ
 👉Sharjeel Khan (PAK)
 👉Shahid Afridi (PAK)
 👉Mohammad Shahzad (AFG)
 👉Babar Azam (PAK)
 👉Richard Gleeson (ENG)
 👉Gidron Pope (WI)
 👉Nasir Jamshed (PAK),

Rajshahi Kings : (Sabbir Rahman )
     💖 මිලින්ද සිරිවර්ධන, උපුල් තරංග
👉Darren Summy (WI)
👉Mohammad Sami (PAK)
👉Samit Patel( Eng)

නොවැම්බර් 4 ඉදන් දෙසැම්බර් 09 වෙනකන් තමයි පටන්ගන්න තීරණය කරල තියෙන්නෙ.තාම ෂෙඩුල් එකනම් හරියටම දාල නෑ.
Dhaka, Chittagong, Cox’s Bazar, සහ Khulna.යන ක්‍රීඩාංගන වල තරග පැවැ්වීමට නියමිතයි.

Opening Ceremony  එක Dhaka වල Sher E Bangla ක්‍රීඩාංගනයේදී නො.03 පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආවරණය කරන රූපවාහීනී නාළිකා ලෙස අන්තර්ජාලයේ සදහන් වන අාකාරයටනම්,

 බංගලාදේශය: Channel 9 Television Channel.

පාකිස්තානය : GEO Super

ශ්‍රී ලංකාව : MTV Sports(මේවන විට ශ්‍රී ලංකාවේ MTV ,Sport නමින් නාළිකාවක් නැත)

Star Cricket : Bangladesh, Sri Lanka, Singapore, Hong Kong, Bhutan, South Asia, Southeast Asia India, Maldives, Nepal, Pakistan, Papua New Guinea

Channel 9 UK : England, Scotland, Wales United Kingdom, Channel Islands, Isle of Man, Republic of Ireland, Ireland

Channel 9 UK : Denmark, Estonia, Finland, France, Austria, Belgium, Czech Republic, Germany, Luxembourg, Netherlands, Norway, Poland, Hungary, Italy, Latvia, Lithuania, Slovakia, Sweden, Switzerland

Sports Max : British Virgin Islands, Barbados, Bermuda, Cayman Islands, Dominica, Grenada, Guadeloupe, Guyana, Jamaica, Anguilla, Bahamas, Martinique, Saint Lucia, Saint Martin, Sint Maarten, Saint Vincent and the Grenadines, Suriname, Trinidad and Tobago, United States Virgin Islands (416)

යන නාළිකා වලින් තරගාවලිය නැරඹීමට හැකිවෙයි.තරගාවලියේ සියළුම අවස්ථාවන් ක්‍රිකට් අපේ ක්‍රිකට් වෙතින් ඉදිරියටත් බලාපොරොත්තු වන්න.
 - නෙහාන් රවිසර